31 C
Colombo
Sunday, May 16, 2021
- Advertisement -

TAG

චන්දිම බණ්ඩාර අඹන්වල

IAHS මාර්ගගත දේශන මාලාව 08: විජයට එහා අපේ රටේ මිනිස්සු

අද අපි පුරාවිද්‍යාව දේශනයේදී හදාරන්නේ ඉතිහාසයට පෙර යුගයේ  ඒ  කියන්නේ ප්‍රාග් ඉතිහාසය කියලා නැත්නම්  Prehistory අපි කියන්නේ ඒකටයි අද අපි ලංකාවේ අවුරුදු දෙදහස් පන්සියයකට ඉස්සෙල්ලා ඒ කියන්නේ විජය කුමාරයාට කලින් කාලයේ ලංකාවේ තත්ත්වය ගැන කතා කරන්නයි සූදානම් වන්නේ

බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ පෞරාණිකත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවෙන් අනාවරණය වි ඇති සාධක පිළිබඳ අවලෝකනයක්

මහාවංසය වැනි පාළි වංසකාවල දැක්වෙන අදහස් හා අනුගත වෙමින් පෙරදිග බොහෝ විද්වතුන් විසින් පිළිගනු ලැබූයේ ලංකාවේ ලේඛන ක‍්‍රමය ඇති මූල ඓතිහාසික යුගයේ ආරම්භය දේවානම්පියතිස්ස රජ සමයේ දී සිදු වූ බවයි. එනම් ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසෙන් ලංකාවේ මූල ඓතිහාසික යුගය සනිටුහන් වන බවයි. එහෙත් අනුරාධපුර ඇතුළු නගරයෙන් අනාවරණය වූ සාධක අනුව මේ වන විට ලංකාවේ මූල ඓතිහාසික යුගය ක‍්‍රිස්තු පූර්ව හය වැනි සියවස දක්වා සියවස් තුනක් ආපස්සට ගමන් කරන බව තහවුරු වී ඇත. පසුගිය දශක තුනක පමණ කාලය තුළ දී ඉන්දීය විද්වතුන් විසින් මේ තත්ත්වය පිළිගැනීමට මැළිකමක් දැක් වුව ද පසු කාලීනව දකුණු ඉන්දියාවේ සිදුකරන ලද කැනීම් තුළින් ලද සාධක අනුව ඔවුන් දැන් ඒ මතය පිළිගැනීමට ඉදිරිපත් වී ඇත. මේ අතුරින් ප‍්‍රකට විද්වතෙකු වූ ඉරවතම් මහාදේවන් හා කේ. රාජන් පෙරමුණ ගෙන ඇත. එබැවින්, මූල ඓතිහාසික යුගයේ ආරම්භය පිළිබඳ ව පිළිගෙන සිටි ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ සිට අවම වශයෙන් තවත් වසර තුන් සියයක් ආපස්සට ගෙන යාමට කලාපීය වශයෙන් කෙරී ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව හැකි වී ඇති බව පිළිගත යුතු ව ඇත.

Latest news

- Advertisement -spot_img
X
X