september, 2016
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ 50 වැනි සංවත්සරය හා සමුළුව
-
කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවනාගාරය
- කොළඹ ජාතික කෞතුකාගාර, සර් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07

Event Details
1966 වර්ෂයේදී ආරම්භ කළ ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ 50වැනි සංවත්සරය එළැඹෙන 2016 වර්ෂයට යෙදී තිබේ. සංගමයේ ස්වර්ණ ජයන්තිය අභිමානවත් ලෙස සැමරීමට අපේක්ෂා කරන විධායක සභාව, ඒ නිමිත්තෙන් 2016 මාර්තු මාසයේදී පහත
more
Event Details
1966 වර්ෂයේදී ආරම්භ කළ ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ 50වැනි සංවත්සරය එළැඹෙන 2016 වර්ෂයට යෙදී තිබේ.
සංගමයේ ස්වර්ණ ජයන්තිය අභිමානවත් ලෙස සැමරීමට අපේක්ෂා කරන විධායක සභාව, ඒ නිමිත්තෙන් 2016 මාර්තු මාසයේදී පහත සඳහන් වැඩසටහන් මාලාව පැවැත්වීමට යෝජනා කර තිබේ.
Anniversary Programmes/ සංවත්සර වැඩසටහන්
- සංවත්සර සම්මන්ත්‍රණය (මාර්තු 2016) – ‘ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ නව ප්රවණතා’ යන තේමාවෙන් ආරාධිත විද්වත් දේශනවලින් සමන්විත සම්මන්ත්‍රණයක් වන මෙය සාමාජිකයන්ට හා පුරාවිද්‍යා ෂේත්‍රයට උනන්දුවක් දක්වන පිරිස් සඳහා විවෘතය.
- ස්වර්ණ ජයන්තී උපහාරය (මාර්තු 2016) – ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා ඉතිහාසය යන විෂය සඳහා විශිෂ්ට සේවාවක් කළ විද්වතුන් පස් දෙනෙක් සඳහා සංගමය විසින් පිරිනමන උපහාරයයි. ජාතික මට්ටමේ කාර්යභාරයක් සිදුකරන ලද පුද්ගලයින් සඳහා ‘ස්වර්ණජයන්ති ජාතික සම්මානද’, විෂය ක්ෂේත්රයේ හා සංගමය වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ‘ස්වර්ණජයන්ති සම්මානද’ පිරිනැමේ.
- ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා විශේෂ කලාපය (මාර්තු 2016) – ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා ශාස්ත්‍රීය සඟරාවේ විශේෂ කලාපයක් 2016 මාර්තු මාසයේදී නිකුත් කිරීමටද නියමිතය.
- සංවත්සර රචනා තරඟය (සැප්තැම්බර්-දෙසැම්බර් 2015) – පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීම මාතෘකා කරගනිමින් පාසල් සිසුන් වෙනුවෙන් වන රචනා තරඟයකි. ඒ යටතේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ යන කාණ්ඩ යටතේ රචනා තරඟ පැවැත්වේ.
- මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීම (මාර්තු 2016) – සංගමයේ 50 වන සංවත්සරය වෙනුවෙන් මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබේ.
Time
(Thursday) 08:45 - 13:00
Organizer
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයassl_1966@yahoo.com