february, 2020

Event Details
ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය - 175 වන සංවත්සර ශාස්ත්‍රීය දේශන මාලාව Royal Asiatic Society of Sri Lanka - 175th Anniversary Lecture Series මාතෘකාව - මහාචාර්ය දයානන්ද ඒකනාථ හෙට්ටිආරච්චි: ජාතික හා ශාස්ත්‍රීය
more
Event Details
ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය – 175 වන සංවත්සර ශාස්ත්‍රීය දේශන මාලාව
Royal Asiatic Society of Sri Lanka – 175th Anniversary Lecture Series
මාතෘකාව – මහාචාර්ය දයානන්ද ඒකනාථ හෙට්ටිආරච්චි: ජාතික හා ශාස්ත්‍රීය සම්ප්රදානය
Title – Professor D. E. Hettiarachchi: National and Academic Contribution
දේශක
ජ්‍යේෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Speaker
Senior Prof. Ratnasiri Arangala
Department of Sinhala and Mass Communication, University of Sri Jayewardenepura
දිනය – 2020 පෙබරවාරි මස 24 වන සඳුදා දින
වේලාව – ප.ව. 5.00ට
ස්ථානය – කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ, මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ දී
All are welcome
දේශනය සැම දෙනාටම විවෘතය
හැඳින්වීම

යටත්විජිතභාවයෙන් මිදීමේ අරගලයෙහි එක් සටන් පෙරමුණක් වූයේ දේශීය භාෂා ශාස්ත්‍ර යළි නඟා සිටුවීම යි. විශ්වව්‍යාප්ත නූතන සංස්කෘතික හා ආධ්‍යාපනික ප්රවණතා සමඟ සංකලනය වූ දේශීය සම්ප්රදායයක් ගොඩ නඟා ගැනීම එහි එක් අංශයක් විය. යටත්විජිත සමාජ-සංස්කෘතික පරිස්ථිතියක බිහි වූ විශ්වවිද්‍යාල කොලීජිය හා ලංකා විශ්වවිද්‍යාලය දේශජ මුහුණුවරින් යුත් ආයතනයක් බවට පත් කිරීමට විද්වතුන් කිහිප දෙනකු ගෙන ගිය ප්රයත්නය හේතුවෙන් අපට ගතානුගතිකත්වයෙන් මිදුණු නව සාහිත්‍යයික සම්ප්රදායක් අත්පත් කර ගත හැකි විය. ඒ සඳහා විශිෂ්ට දායකත්වයක් සැපයූ විද්වතුන්ගේ නාමාවලියෙහි මහාචාර්ය ඞී. ඊ. හෙට්ටිආරච්චි නාමය මුල් තැනක් හිමි කර ගනී. සිංහල, පාලි හා සංස්කෘත භාෂාවන්හි මතු නො ව සිංහලයට බල පෑ දෙමළ, පෘතුගීසි, ලන්දේසි, ඉංගිරිසි භාෂාවන්හි ද විශාරදයකු වූ එතුමා වෙනත් නූතන යුරෝපීය භාෂා හා ඉන්දියානු භාෂා කිහිපයක ද පටුත්වයෙන් යුතු භාෂාඥයෙක් ද සාම්ප්‍රදායික භාෂාඥානය හා භාෂා අධ්‍යයන ශික්ෂණයත් නූතන වාග්විද්‍යා ඥානයත් පිඬුු කළ මහාර්ඝ බුද්ධිමතෙක් ද විය. සම්භාව්‍ය සාහිත්‍ය කෘති විධිමත් ව සකසා පළ කිරීමෙහි ලා විදුහුරු මඟ අනුදත් ප්‍රථම විද්වතා සේ හැඳින්විය හැකි එතුමා ලංකා විශ්වවිද්‍යාලය හා විද්‍යෝදය විශ්වවිද්‍යාලය සිය සේවාවෙන් උද්දීප්තියට පත් කෙළේ ය. සිංහල විශ්වකෝෂයේ පුරෝගාමියා වූ එතුමා සිංහල ශබ්දකෝෂයෙහි අභිවර්ධනයට ද මහඟු දායකත්වයක් දැක්වූ විද්වතෙකි. භාෂා ශාස්ත්‍ර හා සාහිත්‍ය අධ්‍යයනයෙහි විශාරද පඬිවර පරපුරකට මඟ පෙන්වූ ප්‍රදීපස්තම්භයක් සේ සැලකිය හැකි මහාචාර්ය හෙට්ටිආරච්චි රාජකීය ආසියාතික සංගමයේ කලක් සභාපති ධුරය ද දැරූ විද්වතෙකි. ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ 175 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන ශාස්ත්‍රීය දේශන මාලාවේ පළමු වැන්න මහාචාර්ය ඞී. ඊ. හෙට්ටිආරච්චිගේ ශාස්ත්‍රීය සේවය ඇගයීමට වෙන් කෙරෙනුයේ ඒ දායකත්වයට බුහුමන් ලෙසිනි.
Time
(Monday) 17:00 - 19:00
1 COMMENT
LEAVE A REPLY Cancel reply
This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.
ඉතාමත්ම දුරුලභ වූ ද, අතිශය වැදගත් වූ ද දේශනා මාලාවකි.