24.9 C
Colombo
Thursday, May 13, 2021
- Advertisement -

CATEGORY

වාස්තු විද්‍යාව හා නිර්මිත පරිසරය

කොළඹ, ලන්දේසි බලකොටුව හා එහි අවශේෂ

ක්‍රිෂේන් ‌මෙන්ඩිස් ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලය කොළඹ නැතහොත් කොළොන්තොට, කෝට්ටේ යුගයට පෙර ද පැවතී ඉතිහාසික වරායකි. 15 වැනි සියවසේ සිට කෝට්ටේ රජ්‍යදහනියේ ප්‍රධාන වරාය ලෙස කොළොන්තොට ස්ථාපිත...

මාතර, රත්මලේ දෙ මහල් අම්බලම

බැරගම සද්ධානන්ද හිමි ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. හැඳින්වීම දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ දික්වැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රත්මලේ ග‍්‍රාමයේ අංක 450 සී ග‍්‍රාමසේවා වසමෙහි...

රුවන්වැලි සෑයෙහි වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ

කේ.එච්. තිලිනි දුමින්ද්‍යා පුරාවිද්‍යා නිලධාරි, ආළාහන පරිවෙන ව්‍යාපෘතිය, පොළොන්නරුව. රුවන්වැලි සෑය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නා සේම එහි විද්‍යාමානව පවතින ස්තූප අංග නිරීක්‍ෂණය කිරීමේ දී ද වැදගත් වාස්තු විද්‍යාත්මක...

මග්ගානුමග්ග : ලංකාවේ ඓතිහාසික මාර්ග පද්ධතිය

ඓතිහාසික යුගයේ දී ශී‍්‍ර ලංකාවේ භාවිත වූ මාර්ග පද්ධතිය පිළිබඳ දැනුම ඓතිහාසික මුලාශ‍්‍රයවල ඉදහිට වාර්තාවන තොරතුරු, බි‍්‍රතාන්‍ය පාලන සමය තුළ ගවේශන ආශ‍්‍රිත තොරතුරුවලට සීමා වී පැවතිණ.  මෑත කාලීන ගවෙිශන පදනම් කර ගනමින් ක‍්‍රිස්තු පූර්ව 3 වන ශත වර්ෂයේ සිට ක‍්‍රිස්තු වර්ෂ 13 වන ශත වර්ෂය දක්වා කාලය තුළ භාවිත වූ මාර්ග පද්ධතියේ ව්‍යාප්තිය එහි ගති ලක්ෂණ සහ එම මාර්ග පද්ධතිය යළි ගොඩනැඟීමට මෙහි දී අවධානය කරනු ලැබේ. දේශපාලන ස්ථාවරත්වය හා ප‍්‍රබලත්වය, ආර්ථික වර්ධනය, ආගමික සංස්ථාන්හි බහුලත්වය ආදී සාධක මාර්ග පද්ධතිවල ස්ථාවරත්වය හා ව්‍යාප්තිය සමග බැදී පැවතිණ. දකුණු ආසියාවේ සම කාලීන රාජ්‍යයන්හි පැවති මාර්ග පද්ධතිවල අනුගමනය කරන ලද තාක්ෂණ ක‍්‍රමවේදයන් සහ විධි නියමයන් ශී‍්‍ර ලංකාවේ ජාතික මාර්ග පද්ධතිය තුළින් ද  දක්නට ලැබේ. දිවයිනක් ලෙස පිහිටා තිබීමේ භූගෝලීය ප‍්‍රවේශය සමග අන්තර්ජාතික දිගු මුහුදු වෙළෙඳ මාර්ගවලට තිබි සබඳතාව ද නිසා අගනගරවල සිට ප‍්‍රාදේශීය හා ප‍්‍රත්‍යන්තයන් සම්බන්ධ කළ මාර්ග පද්ධතියට අදාළ යටිතල ව්‍යුහයක් ස්ථාපනය වී පැවතිණ

අනුරාධපුර යුගයේ සාහිත්‍ය, ගෘහ නිර්මාණ ශිල්පය හා කලාව

ප‍්‍රස්තූත විෂය කරුණ අරඹයා විමර්ශනයක යෙදීම මෙම ලිපියේ අරමුණ වන අතර එය දුෂ්කර කර්යයක් ද වනු ඇත. සාහිත්‍යයික හා ප‍්‍රායෝගික තොරතුරු සමුදායකින් සුසැදි තත් යුගයේ ඉහත විෂය සුවිසල්, පුළුල්ව විසිරි පවත්නා පරාසයක් නිසාවෙනි. මුඛ්‍යාර්ථ සාහිත්‍යයෙහි ලා අවධානය යොමු කරමින් සම්පිණ්ඩණාත්මක විමසුමක යෙදෙන්නට වැඩිමනක් අදහස් කරමි.

අනුරාධපුරයේ තිසාවැව ආසන්නයේ පිහිටි පැරණි වෙස්සගිරිය

ශකිල රාජකරුණා මහින්දාගමනයත් සමඟ ව්‍යාප්තව යන ලක්දිව බෞද්ධ පුනර්ජීවනය රාජ්‍යත්වයේ පටන් ලාංකික ජන සමාජයේ සෑම ස්ථරයක් කෙරෙහිම අතිශය ප්‍රබල ලෙස බලපෑම් කළේ ය. ඒ අනුව...

ප‍්‍රාථමික ශෛලියේ සිතුවම් හා අම්පාර, හුලංනුගේ ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය අදින් වසර එක්ලක්ෂ විසිපන්දාහකට පෙර ආරම්භ වී ක‍්‍රියාත්මක වී ඇති බව හඳුනාගෙන ඇත (දැරණියගල, 1991:25-26). මෙම යුගයේ ජිවත් වූ මානවයින් තමන්ගේ වාසස්ථාන ලෙස තෝරාගන්නා ලද්දේ ගල් ලෙන් හා විවෘත භූමි ය. මේ පිළිබඳ සාධක මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යාත්මක කැනීම් හා ගවේෂණයන්ගෙන් ලැබි ඇත. ෆා-හියංගල, කිතුල්ගල, බටදොඹලෙන, දොරවක ආදි ගුහා ක්ෂේත‍්‍රයන් හා  බුන්දල, පතිරාජවෙල, උස්සන්ගොඩ යන එළිමහන් භූමිත් එහි දී වැදගත් වේ. චාල්ස් ඩාවින්ගේ සත්ත්ව සම්භවයත් මානව පරිණාමයත් පිළිබඳ ව නව ඉගැන්විම් සමාජගත විමත් සමඟ ප‍්‍රාග් මානව සමාජයන් පිළිබඳ ව පුළුල් ව අධ්‍යනය කිරීම ඇරබි අතර එහි ප‍්‍රථිඵලයක් ලෙස ලංකාවේ ජීවත් වන වැදි ජනතාව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ජිවත් වූ බලංගොඩ මානවයන්ගෙන් පැවත එන ජන කොටසක් බව හඳුනාගැනීම සඳහා විවිධ පර්යේෂණ සිදු කර ඇත.

ප‍්‍රාග් ඓතිහාසික, මූල ඓතිහාසික හා ඓතිහාසික යුගයන්හි පොළොන්නරුව පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්

පොළොන්නරුව කියූ පමණින් ම අප බොහෝ දෙනෙකු දන්නේ චූලවංශයේ වීරයන් වූ මහා පරාක‍්‍රමබාහු රජුගේ මහාවිජයබාහු රජුගේ යුගයේ බිහි වූ පොළොන්නරුවේ සමෘද්ධිමත් යුගය ගැන පමණි. කොටින්ම කියතොත් පොළොන්නරුව රාජධානියක්ව පැවැති 12 වැනි සියවස දක්වා පමණි. නමුත් පොළොන්නරුව යනු, ගල් අවි භාවිත කරමින් දඩයමින් හා ආහාර එකතු කිරීමෙන් ජීවත්වූ ගල් යුගයේ මිනිසුන් මෙන්ම පූර්ව ඓතිහාසික යුගයේ විවිධ තාක්‍ෂණික පෙරළි කළ කෘෂි කාර්මික ජනතාවක් විසින් පරිහරණය කළ භූමියක් වග බොහෝ දෙනෙකු නොදනී. ඒ අනුව පොළොන්නරුව යනු හුදෙකලාව ම නිර්මාණය වූ රාජධානියක් නොව කාලාන්තරයක් තිස්සේ ජනාවාසකරණයට නතු වූ ප‍්‍රදේශයකි. ඓතිහාසික යුගයෙන් ඔබ්බට වසර දහස් ගණනක් ඈතට දිව යන ඉතිහාසයක උරුමක්කාරයන් වීමේ භාග්‍යය අපට ද හිමි ව ඇත. 2001 වසරේ සිට මේ දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් සිදුකළ පර්යේෂණ සහ කැනීම් මෙන්ම ම විසින් සිදුකළ ස්වාධීන පර්යේෂණ ඔස්සේ ඓතිහාසික සඳහන්වලින් ඔබ්බට ගොස් පුරාවිද්‍යාත්මක සාධක මත තහවුරු කිරීමට දැරූ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයකි.

පොළොන්නරුවේ කඳුරුවෙල බලකොටුව පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් : 2009 -10 වර්ෂවල මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵල

ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී හා ව්‍යාපාති කළමනාකරු, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව. පර්යේෂණ අරමුණ චන්ද්‍රිකා ඡායාරූප පරීක්‍ෂා කිරීමෙන් භූමියෙහි මතුපිට කිසියම් වාස්තුවිද්‍යානුකූල සැළස්මක් පෙන්නුම් කළ අතර...

පනාවිටිය අම්බලම

"අම්බලම" (Way Side Rest House) හුදෙක් ගැමි සමාජය හා බැදි ගෘහනිර්මාණයක් පමණක් නොවේ. විඩාවට පත් මිනිස් සිත, කය නිවන නවාතැන්පළක් ද වූ බව පුරාණ ජන සාහිත්‍යය අපට දෙස් දෙන්නේ ය. සිංහලේ අවසන් රාජධානි සමය වන මහනුවර යුගයේ දී වර්ධනයට පත්වන දාරුමය ඉදිකිරීම් කලාවෙහි ආරම්භය අපට හඳුනාගත හැකිවන්නේ ප‍්‍රාග් ඓතිහාසික යුගයෙහි පටන්ය. ප‍්‍රාග් ඓතිහාසික මානවයා නිවාස හා බලකොටු නිර්මාණය සඳහා දැව දඬු යෙදුවේ ය

Latest news

- Advertisement -spot_img
X
X