29 C
Colombo
Wednesday, November 25, 2020

20. විශිෂ්ඨ ලාංකේය පුත්‍රයෙකු වූ සී.ඩබ්ලියු. නිකලස්

Must read

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ...

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.
Avatar
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

දන්නෙම නැතිව 20 වැනි සටහනටත් ඇවිල්ල. මම මේ සටහනින් කියන්න යන්නෙ අපේ රටේ අතීතය ගැන අපිට හිතාගන්නත් අමාරු තරමේ අවබෝධයක් අරගත්ත විශිෂ්ඨ මිනිසෙක් ගැන. ඒ සි. ඩබ්ලියු. නිකලස් මැතිතුමා ගැනයි. නැත්නම් සිරිල් වේස් නිකලස් (Cyril Wace Nicholas). මේ සටහන කියවන ඔයාලගෙන් සමහර අය විතරයි මේ නම අහල තියෙන්නේ. ඒ වගේම අපේ රට ගැන මහ ඉහළ ආදරයක් පෙන්නන අවුරුදු දහපහළොස් දහසේ ඉතිහාසයක් ගැන කියවන අයගෙන් බහුතරයක් මේ නම අහලවත් නෑ කියන එක මට හොඳටම තහවුරුයි.

සී.ඩබ්ලියු. නිකලස් මැතිතුමා කියන්නේ මට දැනෙන විදිහට මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමාගේ ගුරුවරයෙක් වගේ. මෙතුමා විශිෂ්ඨ විද්වතෙක් වුනත් එතුමා ගැන විස්තර නම් බොහොම අප්රකටයි. මෙතුමාගේ පෞද්ගලික විස්තර ගැන මේ ලේඛකයා දැනගත්තෙත් අමර හේවාමද්දුම මැතිතුමා 2007.12.30 වැනි ඉරිදා රිවිර පත්තරේට සපයල තිබුණු ‘අමර සමර’ ලිපිපෙළට අයත් ලිපියකින්. පේරාදෙණිය විශ්වවිද්යාලයේ හිටපු අලි ගැන ලියපු චාල්ස් සාන්තියාපිල්ලේ (Charles Santiapillai) ආචාර්යතුමාත් මෙතුමා ගැනත් මෙතුමා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කළ සේවය ගැනත් ලියල තියෙනවා Cyril Wace Nicholas (1898-1961): Gentleman, Scholar and the first Warden of the Wild Life Department මාතෘකාව යටතේ. මේ ලිපිය මයේ හිතේ තාම ඉන්ටර්නෙට් එකේ තියෙනවා හොයාගෙන කියවන්න. පාඩුවක් නැහැ. උදාර ලංකා පුත්රයෙක් ගැනනේ ඒ ලිපිය. හේවාමද්දුම මැතිතුමා ඒ ලිපියට නිකලස් මැතිතුමාගේ ඡායාරූපයකුත් එක්කරල තිබුනා. ඒ රූපේ තමයි මේ ලිපියටත් යොදාගෙන තියෙන්නේ. මේ රූපය හොයාගන්න අමර හේවාමද්දුම මැතිතුමා බොහෝම මහන්සි වුනා කියලත් ලියල තියෙනවා.

1898 අගෝස්තු 5 වැනි දා ගාළු පුරේ දි බර්ගර් පවුලත සාමාජිකයෙකු වශයෙන් සිරිල් වේස් නිකලස් දරුවා ඉපදිලා තියෙන්නේ. මුල් අධ්යාපනය කොළඹ රාජකීය විද්යාලයෙන් ලබපු මෙම දරුවා පසුව එංගලන්තයේ කේම්බි්රජ් විශ්වවිද්යාලයට ඇතුළු වෙලා තියෙනවා. ඒ අතරතුර අධ්යාපනය අතහැරල එංගලන්තයේ හමුදාවට එක් වුණු මොහු පළමු වැනි ලෝක යුද්ධයට සම්බන්ධ වෙලා තියෙනවා. සිදුකළ විශිෂ්ඨ සේවය වෙනුවෙන් කපිතාන් තනතුරක් ලැබුව නිකලස් මැතිතුමාව අවුරුදු දෙකක විතර සේවයකින් පස්සේ හමුදාවෙන් සමුගත්තේ යුද්ධය අතර තුවාල ලබපු නිසා. කෙනෙක් තුවාල වෙන එත හොඳ දෙයක් නෙවෙයි. හැබැයි මේ තුවාල වීම නම් ඇත්තටම අපේ රවේ වාසනාවට වෙච්ච දෙයක් කියලමයි මේ ලේඛකයාගේ හිත කියන්නේ. රණබිමේ දී දැක් වූ නිර්භීත බවට පදක්කම් ලබලත් තියෙනවා. අවුරුදු 22ක් විතර වෙද්දි මෙතුම ලංකාවට නැවත එනවා.

ලංකාවට පැමිණිලා ලංකාවේ සිවිල් සේවා විභාගේ පළමු වැනි තැනට සමත් වෙලා එහි සේවයට සම්බන්ධ වෙනවා. යුදධයේ දි තුවාල ලබපු ඔහුට කළ විශේෂත්වය නොසලකා ඔහු මඩකලපුවේ සහකාර සුරාබදු නිලධාරි (Assistant Superintendent of Excise) විදිහට වැඩ භාර ගෙන යනවා. කැපී පෙනෙන සේවාවක් ඉටු කළ නිසාම ඔහු නියෝජ්ය සුරාබඳු කොමසාරිස් (Deputy Commissioner of Excise) විදිහටත් පත් වෙනවා. ඊට පස්සේ අලුතින්ම ආරම්භ කළ වනජීවි දෙපාර්තමේන්තුවේ පළමු වැනි ප්රධානියා විදිහට 1950 දෙසැම්බර් 1 වැනි දා පත් වෙන්නේ. මේ ආයතනයේ දි කරන ලද සේවාව ගැන මට මෙතැන කියන්න ඉඩක් නෑ. අවශ්ය කෙනෙකුට චාල්ස් සාන්තියාපිල්ලේ ආචාර්යතුමාගේ කලින් කිවුව ලිපිය හොයාගෙන කිියවන්න. සාන්තියාපිල්ලේ මැතිතුමාට අනුව නිකලස් මැතිතුමාගේ කාලේ තමයි ලංකාවේ වනජීවි සංරක්ෂණයේ ස්වර්ණමය යුගයේ ආරම්භය සනිටුහන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔහු ගැන සඳහන් නොකර ලංකාවේ වනජීවි සංරක්ෂණය ගැන කතාකරනවා නම් ඒක අසම්පූර්ණ කතාවක්. එතරම්ම ඔහුගේ දායකත්වය කැපී පේනවා.

තම ගවේෂණශීලි විශිෂ්ඨ භාවයත්, තීක්ෂණ අනුමාණ ඥානයක් විදහා දැක් වූ පැරණි සෙල්ලිපි පිළිබඳ සොයාබැලීම අරඹලා තියෙන්නේ මෙතුමා වනජීවි දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලෙමයි. ලංකාවේ දුෂ්කර පළාත්වල කැලෑ අස්සේ යද්දි හමුවුණු සෙල්ලිපි කියවීම මෙතුමා අරඹලා තියෙනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ ප්රධානියා වීම වගේම යුද්ධයේ දී ලැබූ දුෂ්කර අද්දැකීම් මේ ගවේෂණ සඳහා ලොකු රුකුලක් වෙන්න ඇති.

මේ ගවේෂණ කරල ඊට පසුවයි ප්රමුඛ පෙළේ සඟරාවලට ලිපි ලියන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ සඟරා අතර the Journal of the Ceylon Branch of the Royal Asiatic Society, University of Ceylon Review වගේ ඒවා තියෙනවා. පරණ දේවල් ගැන මහන්සි වෙලා හොයන අයට ඉතිං මේව වෙනම හඳුන්වලා දෙන්න අවශ්ය නෑනේ නේ ද?

නිකලස් මැතිතුමා අපේ ඉතිහාසය හෙළි කිරීමේ වැඩ බොහොමයකට සම්බන්ධයි. ලංකාවේ ඉතිහාසය දැනගන්න තියෙන වැදගත් ම පොතක් වන A concise history of Ceylon: from the earliest times to the arrival of the Portuguese in 1505 පොත නිකලස් හා පරණවිතාන කියන විශිෂ්ඨයින් දෙ දෙනාගේ ඥානයෙන් එළිය උණු පොතක්. 1961 දි පළ වුනේ. මේ පොත දැන් සිංහලට පරිවර්තනය වෙලා පළ වෙලා තියෙනවා. හිතල බලන්න දෙයක් මේ මාතෘකාවෙම තියෙනවා. ඇයි මේ පඬිවරු දෙදෙනා පොතේ නම මුළට The කියල දාන්නේ නැතිව A කියල දැම්මේ කියන එක. අදටත් අපේ රටේ ඉතිහාසය ගැන දැනගන්න තියෙන හොඳම පොතක් වන Univesity of Ceylon History of Ceylon පොතේ ලිපි කීපයක්ම මෙතුමා ලියපුවා. ඒ විතරක් නෙවෙයි, මෙම විශිෂ්ඨ කෘතියේ මුල් කොටසේ සංස්කාරක මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් ද සේවය සපයලා තියෙන්නේ කීර්තිමත් විද්වතුන් වුණු සිරිමත් නිකුලස් ආටිගල, ඩබ්ලියු.ජේ.එෆ්. ලබ්රෝයි, එස්. නටේසන් හා මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා සමඟ සමපෙළ සිටිමින්. ඊට පසුවයි රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවෙන් පළකළ Historical topography of ancient and medieval Ceylon නම් පොත පළ වුනේ. මේ විෂය සම්බන්ධයෙන් ලියැවුණු මුල් ම පොතක් වගේම අදටත් තියෙන හොඳම පොත කිවුවොත් කාටවත් විරුද්ධ වෙන්න බෑ. මේ පොතත් සිංහලයට පරිවර්තනය වෙලා තියෙන්නේ. ලංකාවේ පැරණි තැනක් ගැන හොයාබලන කෙනෙක් මේ පොත මඟහැරියොත් ඒ ලියනකියන දේ ලොකු අඩුවක් ඇතිවෙන එක වලක්වන්න බැ.

මෙතුමා සෙල්ලිපි කියවලා තියෙන විදිහ බලද්දි පුදුමත් හිතෙනවා. අද අපි දුෂ්කර තැනකට ගිහිල්ලා සෙල්ලිපියක් බලල ඒ ගැන පස්සේ හොයද්දි නිකලස් ඒ ගැන කලින්ම ලියල. ඒ සෙල්ලිපිවල අන්තර්ගතය ගැනත් කියල. සෙල්ලිපිය පළ කරල නම් නෑ. සෙල්ලිපිය පිටපත් කරල කියවගෙන යද්දි තමයි පැහැදිලි වෙන්නේ නිකලස් මැතිතුමා කියල තියෙන දේ හරියටම හරි කියල. මේ අස්සේ දුක හිතෙන දෙයකුත් කියන්න ඕන. නැත්නම් අඩුවක්. දැන් ඉන්න සමහර ගවේෂකයෝ මේ නිකලස් මැතිතුමා ලියල තියෙන ඒවා බලාගෙන හරියට තමන් හොයාගත්ත වගේ ඒ ගැන කියනවා, නිකලස් මැතිතුමාගේ නම නිකන්වත් කියන් නැතිව. හැබැයි පරණවිතාන මහාචාර්යතුමා නම් අදාළ ගෞරවය හැම විටම නිකලස් මැතිතුමාට දීලා තියෙනවා. සැබෑ ප්රාඥයින් බැබලෙන්ට වෙනත් අයෙකුගේ ප්රභාව යොදාගන් නෑ කියන කතාව තමා මෙයින් තහවුරු වෙන්නේ.

මේ උදාර ශ්රී ලාංකේය පුත්රයා අවුරුදු 63ක් වගේ කාලයක් ජීවත් වෙලා 1961 අගෝස්තු 14 වැනි දා උපන් බිමට උදාර සේවයක් කළ නිහඬ මිනිසෙකු වශයෙන් සමු ගත්තා. එතුමා ජනප්රියතාවවත්, ප්රසිද්ධියවත් කිසිසේත්ම අපේක්ෂා කරල නැති බවක් තමා පේන්න තියෙන්නේ. ඒ නිසානේ පොටොවක් වත් හොයාගන්න බැරි. මෙතුමා විවාහ වෙලත් නැහැ. අපිට යුතුකමක් තියෙනවා මේ වගේ උදාර මිනිසුන් ගැන හොයා බලන්න.

ඒ වගේම මේ වසංගතය ඉවර වෙනකල් කරුණාකර ගෙදරට වෙලා ඉන්න. මම හිතන විදිහට රටේම ඇවිද්ද නිකලස් මැතිතුමා හිටිය නම් එතුමත් මේ දවස්වල ගෙදර තමා ඉන්නේ.

චන්දිම අඹන්වල

2020.04.01 / 10.31 PM

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -

Latest article

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ...

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.
X
X