ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල වනාහි 1940 දශකයේ දී ජන්මය ලබා මේ වන තෙක් ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා කේෂ්ත්‍රය තම අසීමිත දැනුමෙන් පෝෂණය කරන විද්වතෙකි. හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයෙකි. 1885 දී පමණ ආරම්භ වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය විෂය ක්‍රමවත් න්‍යායාත්මක පදනමක් ඔස්සේ හැඩ ගසමින් හා ක්‍රමානුකූල ප්‍රායෝගික රාමුවකින් යුක්ත ව ජාත්‍යන්තර තලය වෙත ඔසවා තැබූ කුශාග්‍ර බුද්ධිමතෙකි.
ආචාර්ය පෝල් එඞ්වඞ් පීරිස්, ආචාර්ය පී.ඊ.පී. දැරණියගල වැනි විශිෂ්ට ලාංකේය පුත‍්‍රයිනගේ පරපුරේ පුරුකක් වූ ආචාර්ය සිරාන් දැරණියගල වනාහි ලාංකේය පුරාවිද්‍යාවේ, වෙසෙසින් ශ‍්‍රී ලාංකේය ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ එදාමෙදාතුර බිහි වූ විශිෂ්ටම දායාදයයි. ලෝක ප‍්‍රාග් ඉතිහාසය වර්තමානයේ අත්පත් කොට ගෙන ඇති ස්ථානය පිළිබඳ අවධානය යොමුකරණ විට අදින් වසර දශක තුනක් ඉක්මවා යන කාලයේ සිට ම එකී දැනුම් පද්ධතිය ඉක්මවා සිටි සුළවතෙකි. ලංකාවේ පුරාවිද්‍යාව, සංස්කෘතිය පිළිබඳ විශිෂ්ට අවබෝධයකින් හෙබි මානව හිතවාදියෙකි.
මේ එ තුමා සමග, එ තුමාගේ ශාස්ත්‍රීය ජීවිතය හා ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාවත් එහි අනාගතයත් පිළිබඳ ව www.archaeology.lk වෙනුවෙන් චන්දිම අඹන්වල, අනුරාධ පියදාස හා මහින්ද කරුණාරත්න විසින් සිදු කරන ලද සාකච්ඡා මාලාවකි. මෙහි පිටපත යතුරු ලියන කරන ලද්දේ මංගලිකා රාජපක්ෂ විසිනි.
විඩියෝ පට අංක 1 : කුඩා කාලයේ අද්දැකීම්
විඩියෝ පට අංක 2 : විධිමත් හා නොවිධිමත් අධ්‍යාපනය
විඩියෝ පට අංක 3 : පර්යේෂණ ආරම්භය, පවත්වා ගෙන යාම හා වර්තමානය
විඩියෝ පට අංක 4 : වැදගත් ම අනාවරණය කිරීම්
විඩියෝ පට අංක 5 : ශාස්ත්‍රීය මිතුරන් හා සහායක පර්යේෂකයින්
විඩියෝ පට අංක 6 : පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල
විඩියෝ පට අංක 7 : ලෝක පුරාවිද්‍යාව හා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව
විඩියෝ පට අංක 8 : කඩිනමින් සිදු කළ යුතු පුරාවිද්‍යා පර්යේෂණ
විඩියෝ පට අංක 9 : නවකයින්ට දෙන පණිවිඩය
අතිරේක සාකච්ඡාව
විඩියෝ පට අංක 10 : පුරාවිද්‍යාවේ ආදායම
විඩියෝ පට අංක 11 : පුරාවිද්‍යා විෂය ප්‍රමාණ කළ හැකි විෂයයක් ද?
විඩියෝ පට අංක 12 : ආර්යය සංක්‍රමණ ප්‍රවාදය
විඩියෝ පට අංක 13 : ලංකාවේ ඇචුලියානු අත්පාරෝව
විඩියෝ පට අංක 14 : පුරාවිද්‍යාවේ අර්ථකතන