ලේඛක : ආචාර්ය පී. විදානපතිරණ ප්‍රකාශක : පුරාවිද්‍යා පශ්චාත් උපාධි අායතනය, ෙකාළඹ 7. මිල : රු. 800.00
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පී. විදානපතිරණ මහත්මිය විසින් රචනා කරන ලද මාර්ග පුරාණය, කෘතිය පසුගිය 2017 පෙබරවාරි 22 වන දින කොළඹ 7, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ශ‍්‍රවණාගාරයේ දී එළිදැක්විණි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්‍ෂ, මහාචාර්ය ජගත් වීරසිංහ මහතා විසින් මුලසුන හොබවන ලද මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි මහතා සහභාගි විය. පිළිගැනීමේ කතාව පවත්වන ලද්දේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා විසිනි.
මෙම ග‍්‍රන්ථය පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය ජගත් වීරසිංහයන් පැවසූයේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙහිලා මහාචාර්යය සේනක බණ්ඩාරණායකයන්ගේ දැක්ම වූයේ, “පුරාවිද්‍යාව යනු පන්සල් හෝ රජමැඳුරුවල කීර්තිමත් ඉතිහාසයට වඩා සාමාන්‍යය ජනයා සඳහා වූවක්” බවයි. ඔහු වැඩිදුරටත් දැක්වූයේ මෙම පර්යේෂණ ග‍්‍රන්ථයේ දී ආචාර්ය විදානපතිරණගේ පර්යේක්‍ෂණයන් හා නිරීක්‍ෂණයන් අති දක්‍ෂ අයුරින් විස්තර කර තිබෙන බවයි. මෙම ග‍්‍රන්ථය මගින් අනුරාධපුරය තෙක් විහිදුනු සියලුම මාර්ග හා නගරයේ සිට සෑම ප‍්‍රදේශයකටම ගමන් කළ හැකි මාර්ග ජාලය තහවුරුකර දක්වා ඇත. මෙම සංකීර්ණ මාර්ග පද්ධතියෙහි ප‍්‍රධාන අරමුණ වූයේ භූ දර්ශනයෙහි අනුපිළිවෙල හා එය ජාලගත කිරීමයි. එහෙයින් අනුරාධපුරය මෙම ජාලයෙහි මධ්‍යස්ථානය බවට පත් වූ අතර එය වෙළෙඳාම හෝ වෙනත් හේතුවක් නිසා නොවූවකි. සරල ඓතිහාසික කරුණු මත පදනම් වූ පෙර පැවති සිතියම් වෙනුවට, පුරාණ මාර්ග පද්ධතිය අළලා සැකසුණු ප‍්‍රථම පුරාවිද්‍යාත්මක සිතියම මෙම ග‍්‍රන්ථයෙහි ඇතුළත් වේ. අනාගත පර්යේෂණයන් ප‍්‍රබොධමත් කර නව මාවත් විවර කරන්නට මෙම ග‍්‍රන්ථය හරහා හැකිවේවායි ප‍්‍රාර්ථනා කරමින් ආචාර්ය වීරසිංහයන් සිය දේශනය හමාර කරලීය.
සභාව අමතමින් පුරාවිද්‍යා ගවේෂණයන් හා සම්බන්ධ වෙමින්, ඇතැම් කතාන්දර මගින් විස්තාරණය කරනා කතාවන් හි පවතින පරස්පර විරෝධතාවන් විසඳාලීමෙහි ලා ඓතිහාසික සාහිත්‍යය මූලාශ‍්‍රයයන්හි පවතින වැදගත්කම අවධාරණය කරන ලද මහාචාර්යය එස්.බී. හෙට්ටිආරච්චි මහතා, මාර්ග හා සබඳ වූ පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් මෙම ග‍්‍රන්ථය අනඟි උදාහරණයක් ලෙස සඳහන් කරන ලදී.
මාර්ග පුරාණය කෘතිය ප‍්‍රධාන ආරාධිතයා වූ මහාචාර්යය එස්.බී. හෙට්ටිආරච්චි මහතාට හා මුලසුන හෙබ වූ මහාචාර්ය ජගත් වීරසිංහය මහතා වෙත පළමු ව පිළිගන්වමින් එළිදක්වන ලදී. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිකාරි නදීකා රත්නබාහු මහත්මිය විසින් මෙහෙයවන ලද මෙම උත්සව සභාවේ කටයුතු පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේ්‍යෂ්ඨ සහකාර ලේඛකාධිකාරි චන්ද්‍රිකා ගොඩගේ මෙනවියගේ ස්තුති කතාවෙන් අනතුරුව අවසන් විය.
මෙම පොත කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අංක 407 දරණ ස්ථානයේ ඇති පුරාවිද්‍යා පශ්චාත් උපාධී ආයතනයේ පුස්තකාලයෙන් මිල දී ගත හැක.